Friday, July 17, 2026
Follow Us
State

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී බාහිර පාර්ශවයකට ඇතුල්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි .

State

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කරයි.

State
  • ඩිජිටල්කරණයේදී ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය.
  • දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර සාකච්ඡා.

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

State

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වෙයි. අද සිට ජූනි 8 වන දා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී මෙම විභාග පැවැත්වේ.

State

ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම ඊයේ (25) ගම්පහ නගරයේ දී ආරම්භ කෙරිණි.

State

ආගමික සමගියට  බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත්  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි

State

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන් කර තිබේ.

State

ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

කවුරුන් විරුද්ධ උනත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුන තුළ e -මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මහාමාර්ග ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය.

State

ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

2021 වසරේ සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

State

ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

State

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

State
සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ අද(25) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුකාරවරුන්ට පැවසීය.
State

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ නැවතී ඇති මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට(26) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.