Thursday, February 12, 2026
Follow Us
මහපොළ ශිෂ්‍යාධාර සඳහා නිකුත් කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.