2023.03.23 කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේ දී රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් දින වකවානු සහිතව වැඩපිළිවෙළක් 2023.05.15 පෙර ලබාදෙන ලෙස නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවනු ලැබීය.
ලබන 29 ආරම්භ වීමට නියමිත 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට(23) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම ඊයේ(23) පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong) යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනයට හා ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත කඩිනම් කිරීමට උපදෙස්
නව සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
In a momentous event during the inauguration of the Hemmathagama Water Supply Project recently, Her Excellency R. Demet Şekercioğlu, Ambassador of the Republic of Türkiye expressed her joy over the significant milestone that promises to transform the lives of 17,000 households in the area.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
169,000ක පමණ ජනතාවකගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාව සපුරාලමින් අරණායක ජල යෝජනා ක්‍රමය ජනපති අතින් ජනතා අයිතියට.
බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා නව බස්රථ පන්සියයක් එක් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඌව පළාත වෙනුවෙන් කෝටි 52කට අධික වටිනාකමින් යුතු නව බස්රථ 47ක් භාරදීම මොණරාගල බිබිල නගරයේදී ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ෆරාබ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යාපෘති කළමනාකරු සහ ෆරාබ් සමාගමෙහි නියෝජිතයින් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර මහතා හමු විය.
Page 78 of 644