Thursday, February 12, 2026
Follow Us
උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින නිවේදනය කරයි

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන් හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නැටුම් (දේශීය) , නැටුම් (භරත), සංගීතය (පෙරදිග) - 2023 ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්, ඉංජිනේරු තාක්ෂණවේදය - 2023 ජූලි 12 දින හා ජූලි 21 දින දක්වාත්, ජෛව පද්ධති තාක්ෂණවේදය - 2023 ජූලි 29 දින සිට ජූලි 31 දින දක්වාත් පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.