Friday, October 23, 2026
Follow Us
State

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

State

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල ලබන 15 සිට 16%කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

State

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර ඉරිදා වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම ඉන්ධන පිරවුම්හල්වල පවතිනු ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යටතේ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදු කර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.

State

 

දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාලගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් කරමින්, 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. 

State

විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ එක් දින සේවාව යටතේ පැය දෙකක් වැනි කෙටි කාලයකින් එය නිකුත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කර ඇති බව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

State

දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනකෙු පත් කර ඇති අතර ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කර තිබේ.

State

President Ranil Wickremesinghe is currently leading efforts to establish the Climate Change University, scheduled to be launched next year.

State

ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

State

වී වගාවේ ගොඩවෙල්ලා (Spodoptera )දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන අතර මෙම දළඹු හානිය වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් වන බවත් ඒ සඳහා සියලු ගොවිජනතාවගේ ක්‍රියාකාරි සහයෝගය අවශ්‍ය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

State

සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් බහාලුම් පර්යන්ත සමාගම වෙත උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State
  • රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

State

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයෙකුට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

State

2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්හී වෛද්‍ය නිලධාරී හිඟය මග හරවිමින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාව වෙත ගුණාත්මක, කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් සඳහා නව පත්වීම් ප්‍රදානය පසුගියදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතයේදී සිදු කෙරිණි.