මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුන සඳහා ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම මුදල් කෘෂි ව්‍යාපෘති සදහා ඵලදායීව යොදා ගැනීම සම්බන්ධව ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝක බැංකුව විසින් කෘෂිකර්ම ක්ෂේත්රයේ 2023- 2027 දක්වා ඉදිරි වසර පහක කාලයක කටයුතු සඳහා රුපියල් මිලියන 3800ක මුදලක් ලබා දී තිබේ. මින් රුපියල් මිලියන 1500ක් මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කර තිබේ. එමගින් කිරෙන් සපිරි රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වෙන් කර ඇති අතර 2014ට පසු පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය මෙය වෙයි.
මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක මුදලක් ද වෙන් කර ඇත. ඒ අනුව මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකරන ලද ග්‍රාමීය අංශයේ කෘෂිකාර්මික මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසර 10ක කාලය තුළ සැලකිය යුතු මුදලක් පශු සම්පත් අංශය සඳහා නොලැබීම මෙරට කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය අඩාල වීමට ද බලපාන ලදැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.