Wednesday, November 06, 2024
Follow Us
පාන් ආඥාපනත අවලංගු කරයි

1864 අංක 13 දරන පාන් ආඥාපනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවනු ලැබ ඇත.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥාපනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු පැන නැගෙන අවස්ථාවන් ඇති බැවින් එකී ආඥාපනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ.