Monday, August 25, 2025
Follow Us
ඉන්ධන පිළිබඳව විඳුලිබල හා බලශක්ති ඇමැතිගෙන් දැනුම්දීමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත් ඔහු එහි පෙන්වා දී තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.