Monday, August 25, 2025
Follow Us
මාර්ගගත ක්‍රමයෙන් විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් පත්‍ර 3,265 ක්

මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර සදහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හඳුන්වා දුනි.

 මාර්ගගත ක්‍රමය පිළිබදව ඇති වන ගැටලු සඳහා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය වන 1962 ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

-Aruna