මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක් ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් කුරුණෑගලදී දියත් විය.
මේ යටතේ ලංගම කුරුණෑගල ප්‍රාදේශිකයේ ඩිපෝ 12ක් වෙත නව බස්රථ 54ක් බෙදාදීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස්රථ 500න් වැඩි බස්රථ ප්‍රමාණයක් හිමි වුණේ කුරුණෑගල ප්‍රදේශයට. ආර්ථික අර්බුදය හමුවේ වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන පාසල් සිසුන්, වැඩිහිටියන්, රාජ්‍ය සේවකයින්ගේ පහසුකම් වඩා විධිමත් කිරීම සඳහා මෙම බස් රථ ලබා ගැනුනේ අපහසුතාවයන් රාශියක් මධ්‍යයෙහි.
දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් සිදු කරන දේශපාලන පුරාජේරු වලින් ආර්ථික අර්බුදයකට නිවැරදි විසඳුමක් ලබා දෙන්නට බැහැ. ඒ වෙනුවෙන් රජය වඩාත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම සහය ලබාදෙන ඉන්දියාව, ජපානය, ප්‍රංශය, පැරිස් ආධාර සමුළුව ඇතුළු සංවිධාන නිරන්තරයෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.රට මුහුණ දී ඇති ගැටලූ විසඳීම සඳහා රාජ්‍ය ආයතනවලද විධිමත් ප්රතිසංවිධානයක් විය යුතුයි. ඒ වෙනුවෙන් දූෂණ සහ අක්‍රමිකතා පාලනය කරගනිමින්, පාඩු නොලබන තත්ත්වයකට එම ආයතන පත්කර ගැනීමට ඉලක්කයකින් යුතුව කටයුතු කළ යුතුය.