Thursday, February 12, 2026
Follow Us
නව ගුවන් හමුදාපති පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ.