Tuesday, November 05, 2024
Follow Us
නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධතියට

නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ජාතික පද්ධතිය සමග එකතු කිරීම සිදු කරනු ලැබුණි.


1930 දශකයේ බ්‍රිතාන්‍යන් විසින් කොළඹ නගරය සහ ගාලු කොටුව විදුලි රැහැන් භූගත කිරීමේ ව්‍යපෘති වලින් පසුව සිදු කරන ලද ප්‍රධාන නගර ව්‍යපෘතිය ලෙස ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුණි.
මෙම ව්‍යාපෘතිය මගින් රථ වාහන අනතුරුවලින් සහ අයහපත් කාලගුණයෙන් සිදු වන විදුලිය බිඳ වැටීම් වලක්වා ගැනීමට, විදුලියෙන් සිදු වන අනතුරු වලක්වා ගැනීමට, ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් ලබා දීමට සහ නඩත්තු කටයුතු පහසු කිරීම සිදු වනු ඇත.
මෙම අවස්ථාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන් නිළධාරීන් සහ පාර්ශවයන් ඇගයීම ද සිදු කරනු ලැබුණි.
ලෙකෝ ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය මීගමුව නගරයේ සිදු කිරීමට බලාපොරොත්තු වේ.