ප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ් මහත් වැඩිදුරටත් මෙසේ පැවසීය.
"කොවිඩ් 19 අභියෝගය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විශාල පසුබෑමක් සිදු වුණා. ඒ වගේම පසුගිය කාලයේ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන සහ ගෑස් හිඟයත් සමග ඇති වූ සමාජයීය ගැටලු හේතුවෙන් පාසල් නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි වුණේ නැහැ.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා වෘතීය සමිති සහභාගී වූයේ නැහැ. එම තත්ත්වය දැන් සමතයකට පත්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදුකරගෙන යනවා. ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. "