පශු වෛද්‍ය නිලධාරීන්ගේ නොවිසඳුනු රාජකාරි ගැටලු සුදුසු ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දුන්නාය.
අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නේ පසුගියදා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි සේවය කරන පශු වෛද්‍යවරුන්ගේ ගැටලු සොයාබැලීම සඳහා පැවති සාකච්ඡාවකදීය.
එහිදී තමන්ට තිබෙන තනතුරු සම්බන්ධ ගැටලු මෙන්ම වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලු පශු වෛද්‍ය නිලධාරීන් විසින් අමාත්‍යවරිය පැහැදිලි කරදෙන ලද අතර රාජකාරි ස්වභාවය සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදුකෙරිණි.
එම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පශු වෛද්‍යවරුන් සිදුකරන මානුෂීය කැපකිරීම සම්බන්ධයෙන් තමන් ගෞරව කරන බව පැවසුවාය.
ඔවුන්ට ලැබිය යුතු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යවරිය පුරප්පාඩු පිරිවීමට කඩිනමින් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය උසස්වීම් හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබාදුන්නාය.