අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් හදිසි බිඳ වැටීමට ලක්වූ විදුලි බල සැපයුම් සම්බන්ධව දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.
වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය මෙවර 2025 මැයි 31ක දිනට යෙදී ඇත. ජූනි 05 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව මෙම දිනය සමරනු ලැබේ.
1991 වර්ෂයේ දී හඳුනාගන්නා ලද ස්ථානීය ආවේණික ( Point Endamic) මත්ස්යයෙක් වන දැඩි ලෙස ආරක්ෂිත, හා දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බන්දුල පෙතියා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ගලපිටමඩ , නික්කඳුපොල ප්රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් කෑගල්ල, ගලපිටමඩ ප්රදේශයේ දී ඊයේ (02) සිදු කෙරිණි.
දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය අද (30) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා - ජනපති
තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රෙදිපිළි වෙළඳාමක නිරත බවට හඟවමින් මත් කුඩු වෙළඳාමේ යෙදුණු තරුණයෙකු රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ නයිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණි.
අධ්‍යාපන අමාත්‍යංශය රටේ පවතින ප්‍රධාන ආගම් නියෝජනය වන පරිදි උපදේශක කමිටු පත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව බෞද්ධ උපදේශක මණ්ඩලයට අදාල පත් කිරීම මීට පෙර සිදු කළ අතර නව කතෝලික උපදේශක මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.
Page 53 of 755