ආරක්ෂිත සංක්රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැලවත්ත, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේදී පැවැත්විණි.
වර්තමානයේදී ශ්රී ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන අතර එහිදි ඔවුන් මිනිස් වෙළෙඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ මිනිස් වෙළෙඳාමට එරෙහි ඒකකය මගින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කළ අතර, එමගින් රටේ ජනතාව විදේශ රැකියා වංචාවන්ගෙන් වළක්වා ගැනීමට රාජ්ය නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීමට කාර්යාංශය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.