ඩිජිටල් රාජ්යකරණයක් තේමාව යටතේ පළාත් පාලන ආයතන වල ආදායම් එකතු කිරීම, ගිණුම්කරණය, කළමනාකරණය හා වෙනත් සේවා සැපයීම් ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්යංශය විසින් “Local Government Payment Management System - LGPMS“ (පලාත් පාලන ආයතන වල ගෙවීම් කළමණාකරන පද්ධතිය) නමින් මෘදුකාංග විසඳුමක් නිර්මාණය කර ඇත.
පද්ධති පරිපාලනය (System Administration), ආදායම් කළමනාකරණය (Revenue Management), මාර්ගගත ගෙවීම් (Online Payments), සහතික සහ බලපත්ර නිකුත් කිරීම් (Certifications & License Issuing), වෙනත් යෙදවුම් (Other Applications) යන මොඩියුල 05කින් යුත් මෙම මෘදුකාංග විසඳුම වර්තමානය වනවිට මධ්යම, සබරගමුව, දකුණ, නැගෙනහිර හා බස්නාහිර යන පළාත් තුළ ඇති පළාත් පාලන ආයතන 126ක පමණ භාවිතා කරනු ලබයි.
එකී මෘදුකාංග විසඳුම සියලුම පළාත් පාලන ආයතනයන්හි අවශ්යතාව අනුව නොමිලේ ලබා ගත හැකි අතර ඒ සඳහා අවශ්යවන අඛණ්ඩ යාවත්කාලීන කිරීම්, පුහුණුව හා ධාරිතා සංවර්ධනය අමාත්යංශය විසින් සිදුකරයි.
පලාත් පාලන ආයතන වල ගෙවීම් කළමනාකරණ මෘදුකාංගය පළාත් පාලන ආයතන වෙත හඳුන්වා දෙමින් පවතින අතර එම මෘදුකාංග පළාත් පාලන ආයතන වල ස්ථාපනය කිරීම සඳහා අවශ්ය පරිගණක ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මුදල් අමත්යංශය විසින් වාර්ෂිකව ප්රතිපාදන වෙන් කරයි.
එකී ප්රතිපාදන යටතේ තොරතුරු තාක්ෂණ විසඳුම් ක්රියාත්මක කරන පළාත් පාලන ආයතන අතුරින් තෝරාගත් අඩු ආදායම් ලාභී පළාත් පාලන ආයතන 45කට රුපියල් ලක්ෂ 200කට වැඩි වටිනාකමකින් යුත් පරිගණක, PoS (Point of Sales) Machines, මුද්රණ යන්ත්ර හා අනිකුත් උපාංග බෙදා දීමේ වැඩසටහනේ එක් අදියරක් ඊයේ (2025.09.12) දින කොළඹ, යුනියන් පෙදෙස, පළාත් සභා පලාත් පාලන නියෝජ්ය අමාත්ය කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ තවත් පළාත් පාලන ආයතන ගණනාවක් වෙත මෙම පරිගණක උපාංග බෙදා දීමට අවශ්ය ප්රසම්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර ඉතාමත් නුදුරු දිනයකදීම තවත් අදියරකින් එම උපකරණ ලබාදීමට නියමිත වේ. ඉතාමත් ඉක්මණින් දිවයිනේ පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණයට ලක්කිරීම අමාත්යාංශයේ ඉලක්කය වේ.
මෙම අවස්ථාව සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහත්මා, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහත්මා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මෙම උපකරණ හිමි වූ පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරුන් හා ලේකම්වරුන් එක් විය.