Social and Equity
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
-
Details
-
Social and Equity
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ.
-
Details
-
Social and Equity
ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොඳින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කලාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් හේතුවෙන් ඊයේ දිවයින පුරා විදුලිය ඇණහිටීමට හේතු වී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.
-
Details
-
Social and Equity
මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය හේතුවෙන් සියලු දෙනා පීඩාවට පත් වන අතර මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් අධික පිපාසයක් වැනි අපහසුතාවයන්ට ද මුහුණදීමට සිදු වේ.
මෙම තත්ත්වය තුළ අධික හිරු රශ්මියෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම පිඩාකාරී තත්ත්වයෙන් මිඳී සිටීමට පුළුවන් වනු ඇත.
- පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න. වැඩිහිටි කෙනෙකු අවම වශයෙන් දිනකට ලීටර 5ක් වත් ජලය පානය කළ යුතුය.
- පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
- අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.
- පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.
- මෙම දින වල හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.
- එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවන්න.
- වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.
මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දැනුවත් කිරීමකි.
-
Details
-
Social and Equity
විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් එම වැඩපිළිවෙළ පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ආරම්භ කිරිමටඅදහස් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
-
Details
-
Social and Equity
clean sri lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
-
Details
-