මොරටුව විශ්වවිද්යාලයේ වෛද්ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා අවශ්ය වන කායික රෝග සහ ශල්ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහල තුළ අද(04) ආරම්භ කෙරුණි.
මොරටුව විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන්ගේ අධ්යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩි දියුණු කිරීමටත්, අනාගත වෛද්යවරුන්ට හා සෞඛ්ය වෘත්තිකයන්ට උසස් අධ්යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්රදේශය සෞඛ්ය අධ්යාපනයේ කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගන්නා ලදී.
ඒ යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ මේ වන විට ප්රසව හා නාරි රෝග මහා චාය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.
ආරම්භ කල කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්ය වන මහාචාර්ය ඒකක 5 ම කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්රය තුළ ස්ථාපිත කර තිබේ.
මොරටුව විශ්වවිද්යාලයට අනුබද්ධ වෛද්ය පීඨයේ මේ වනවිට වසර හතරකට අදාළ වෛද්ය සිසුන් 400 කට ආසන්න ප්රමාණයක් අධ්යයන කටයුතු වල නිරතව සිටින අතර එහි සිව්වන වසරේ අධ්යයන කටයුතු සිදු කරන වෛද්ය සිසුන් සිය දෙනෙකුට අවශ්ය වන මහාචාර්ය පුහුණුව ලබාදීමේ කටයුතු මෙම මස ආරම්භ කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම මහාචාර්ය ඒකක ස්ථාපිත කරන ලදී.