මෙම 5 වන අදියරයත් සමග වර්ග මීටර 31000 ක් පමණ භූමි ප්රදේශයක් සංවර්ධනය කෙරෙන අතර ජය බහාලුම් පර්යන්තයේ ධාරිතාවය වසරකට 450000TEU කින් පමණ ඉහළ යනු ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
මේ සදහා ශ්රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 750ක මුදලක් වෙන්කර ඇති අතර 2026 අග භාගය පමණ වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත. 4 වන අදියරය සම්පූර්ණ කර ඇතත් දිග නැව් සදහා නැංගුරම් පහසුකම් සැපයීමේ අපහසුතාවකට මුහුණ දෙමින් ඇති අතර මෙම 5 වන අදියරයත් සමගම එම අපහසුතා මගහරවා ගනිමින් කාර්යක්ෂමව යාත්රා හැසිරවීමේ අවස්ථාව උදාවන බව ශ්රීලංකා වරාය අධිකාරිය පවසයි.
කලාපීය වරායවල් සමග තරගකාරී සේවාවක් සැපයීම සදහා වූ ශ්රීලාංකා වරාය අධිකාරියේ ඉදිරි සැලසුම් වල තවත් එක් කඩයිමක් මෙලෙස ආරම්භ කරන ලදී.