Thursday, September 11, 2025
Follow Us
 ඇල්ල අනතුරින් මිය සැමට පිං පමුණුවා එම අනතුර ස්ථානයේ පිංකම්
ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් රථ අනතුරින් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීම හා තුවාල ලබා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමින් සිදුකරන පිරිත් සජ්ඣායනාවක් ඊයේ(10) රාත්රියේ අනතුර සිදුවු ස්ථානය අසල පැවැත්විණි.
 
මෙම අවස්ථාවට ඇල්ල ප්රාදේශීය සභාවේ සභාපති, තංගල්ල නගර සභාවේ නගරාධිපති, තංගල්ල වෙළෙඳ සංගමයේ සමාජිකයන් ඇතුලු ප්රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටි අතර තංගල්ල වෙළෙඳ සංගමය මගින්, අනතුර සිදුවු අවස්ථාවේ ඉදිරිපත්වී මුදවාගැනීමේ කටයුතු අතරතුර තුවාල ලැබූ තරුණයින් තිදෙනා වෙනුවෙන් මුල්යමය පරිත්යාග සිදු කර ඔවුන්ව ඇගයීමට ලක් කෙරිණි.
 
මෙම පිංකම ඇල්ල කොට්ඨාශයේ රාජ්ය ආයතන, ඇල්ල ව්යාපාරික ප්රජාව හා ප්රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද අතර අද දහවල් දානමය පින්කමක් ද පැවැත්වීමට නියමිතයි.