'උරුමය අපේ උරුමය 2024 ' ජාතික පුරාවිද්‍යා දිනය නිමිති කරගනිමින් සංවිධානය කරන ලද ජාතික පුරාවිද්‍යා සමුළුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (08) පැවැත්විණි.
බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව පැවැත්වීම හේතුවෙන්.ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක අද (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
පාසල් සිසුවියන් වෙත ලබා දෙන සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
රට තුළ අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට කටයුතු යොදන බවත්, ඉදිරියේ දී සියලු ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ මහජන සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචන රැස්වීම (Regional Level Public Health Performance Review of Anuradapura District) පසුගියදා (06) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා අද (05) වෛද්‍ය සැපයීම් අංශයේ කටයුතු හදිසි නිරික්ෂණයට එක් විය .
මෝසම් වර්ෂාවත් සමග වතුර එකතු වන ස්ථාන වැඩිවී මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඩෙංගු රෝගය වාර්තාවීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ආඩ්වේල් කතරගම දේව උත්සවය හා රිදීරිය පෙරහර ජූලි මස 20 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට නව කදිරේසන් කෝවිලේ ප්‍රධාන පූජක භාබු ශර්මා කුරුක්කල්තුමා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බුද්ධශාසන අමාත්‍යාංශයේදී ඊයේ (04) ආරාධනා පත්‍රය පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි (Tamar Amitai)නමැති සංචාරක තරුණිය සොයා ගත් බව පොලිසිය පවසයි.
රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම්වල අඩංගු රසදිය හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.
Page 55 of 726