මහජනතාවට සේවා සහපයන මෝටර්රථ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ,ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුවී තිබේ.
උඩරට මැණිකේ,පොඩි මැණිකේ සහ තෛලෙයිමන්නාරම දුම්රියවල තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන පහසුකම ඉවත් කිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
මහජනතාවට සේවා සහපයන මෝටර්රථ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ,ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුවී තිබේ.
ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ.
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතයි.
ඉෂාදි අමන්දා මහත්මිය 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ පළමු අනුශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (04) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
ඡන්දහිමි නාම ලේඛනයට සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම මැතිවරණ කොමිසන් සභාවේ අරමුණ බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ ) රසික පීරිස් මහතා පවසයි.
ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බැවින් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමු වී විශේෂ සාකච්ඡා කර තිබේ.
මෙරට රජයේ ප්‍රධාන රෝහල් වල බාහිර රෝගී අංශ වල සහ සායන වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය මානව හා භෞතික පහසුකම් ලබා දී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු සේම, මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ද අවශ්‍ය පහසුකම් ලබා දී එම සේවාව තවතවත් විධිමත් ලෙස පවත්වාගෙන යාමට කළයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.
වත්මන් ආණ්ඩුව ආරම්භ කළ "Clean Sri lanka" වැඩසටහන මානුෂීය අරමුණු පෙරදැරි කරගෙන කළයුතු සංකීර්ණ වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් ඊයේ (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අගමැතිතුමිය මේ බව සදහන් කළාය.
යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස පත්විම් ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අද (29) පෙරවරුවේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි - මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇත.
නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස්’ නැරඹුම් මධ්‍යස්ථානය පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Page 55 of 748