Wednesday, September 03, 2025
Follow Us
පොල් පැළ වගාවට රක්ෂණය ක්‍රමයක්

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පොල් වගා කරුවන් හට හඳුන්වා දී ඇත.

මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 01ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 01 ක් සඳහා රු.67.50/- වන අතර රක්ෂණ ආවරණය පැළ 01 ක් සඳහා රු.550/- ක් වේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයත්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය මඟින් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම්, වන අලි හානි, වන සත්ව හානි, අකුණු, පළිබෝධ තත්ත්වයන්ගෙන් පොල් වගාව ආවරණය කරනු ලැබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් විවිධ වගාවන් සදහා රක්ෂණ යෝජනා ක්‍රම හදුන්වාදෙමින් වගාකරුවන්ගේ අවදානම් කලමනාකරණය කිරීම නිරන්තරයෙන්ම සිදු කරනු ලබයි.