රාජාංගනය මහා වාරි ව්යාපාරයට අයත් යාය අට බෙදුම් ඇලේ ප්රතිසංස්කරණ කටයුතු පසුගියදා (01) ආරම්භ කෙරිණි.
මෙ සඳහා රුපියල් මිලියන 20ක මුදලක් වෙන්කර ඇති අතර, ඇලේ මීටර් 250ක කොටස කොන්ක්රීට් යොදා ආරක්ෂා කිරීමත්, කෘෂි මාර්ගය බොරළු යොදා නවීකරණය කිරීමත් සිදු කිරීමට නියමිතය.
2025 අයවැය කතාවේදී ජනාධිපති තුමා මහා වාරි ව්යාපාරවල ඇලවේලි සහ කෘෂි මාර්ග නවීකරණය සඳහා රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබේ. එමගින් රුපියල් මිලියන 300ක් රාජාංගනය ව්යාපාරයට වෙන් වී ඇති අතර, ඒ අනුව අවශ්ය ඇස්තමේන්තු සකස් කර කොන්ත්රාත්කරුවන් වෙත භාර දී තිබේ.
දැනට සමහර කටයුතු ආරම්භ වී ඇති අතර, තවත් කොටස් ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය. අද දිනයේ යාය 08 බෙදුම් ඇලේ ප්රතිසංස්කරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර, සකස්වමින් පවතින අනෙක් ඇලවේලිද නිරීක්ෂණය කෙරිණි.
මේ වන විට තවත් වැඩසටහන් ක්රියාත්මක වන අතර, වසර අවසානයට පෙර සියලු ඉදිකිරීම් හා ප්රතිසංස්කරණ කටයුතු නිම කිරීමේ බලාපොරොත්තුව වේ.