Monday, September 15, 2025
Follow Us
දකුණු පළාතේ ප්‍රාදේශිය පරිපාලන ඒකකයන් සඳහා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වාදීම අද
දකුණු පළාතේ ප්රාදේශිය පරිපාලන ඒකකයන් සඳහා ඉලකේට්රොනික් ගෙවීම් ක්රමවේදයක් හඳුන්වාදීම අද (15) මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්වේ.
 
ශ්රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ, දක්ෂිණ දේශයේ රාජ්ය අංශයේ ඩිජිටල් පිවිසුම සනිටුහන් කිරීම මෙදින සිදු කෙරෙන අතර දිස්ත්රික් හා ප්රාදේශිය මට්ටමින් එකම අවස්ථාවේ දකුණු පළාතේ ප්රාදේශිය ලේකම් කාර්යාල 50 ක් මේ සඳහා සම්බන්ධවේ.
 
මේ අවස්ථාවට මාතර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන ගරු අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ඩිජිටල් ආර්ථික ගරු නියෝජ්ය අමාත්ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතා, මාතර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්ර මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.