සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිංසස්කරණ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
ලංකා විදුලි බල පනතේ සංශෝධන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැන්වත් කිරීම සඳහා අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදුලිබල මණ්ඩලයේ 23,000කට ආසන්න සේවකයින් සංඛාවක් සේවයේ යෙදෙන බවත්, විදුලිබල මණ්ඩලයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ යටතේ එම සියලුම සේවකයින් මෙම ආයතක 04ට අනුයුක්ත කිරීම සිදු කරන බවත් එම ආයතන 100%ක් රජය සතු කොටස් හිමි මහා භාණ්ඩාගාරය සතු සමාගම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට සියලුම සේවකයින්ට මේ සම්බන්ධව දැනුම් දීමක් කර ඇතැයි කී අමත්‍යවරයා , යම් සේවකයෙකු මේ ආයතනවලට සම්බන්ධ වී සේවය කිරීමට අකමැති නම් ඔවුන්ට තමන්ගේ කැමැත්ත අනුව සේවයෙන් ඉවත් වීමට හැකියාව තිබෙන බවද පැවසුවේය.