A minor flood situation was witnessed in Gampaha and Kalutara District as the water levels of Kalu Ganga and Attanagalu Oya swell, the Department of Irrigation said today.
Seven more people have been arrested for attending the birthday party organized at the Shangri-La Hotel in Colombo on Sunday night violating quarantine regulations, Police said.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ World Cup Super League තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව තිබේ. කණ්ඩායම් 13 ක් සභාගි වන මෙම තරගාවලියේ මෙතෙක් තරග 06 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 08 ක් හිමි කරගෙන අවසන් ස්ථානයේ රැඳී සිටී.
පනවා ඇති සංචරණ සීමා ඉවත් නොවුණොත් එහි සම්පූර්ණ වගකීම සංයමයකින් තොරව හැසිරෙන ජනතාව භාරගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන දඟ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් තෝරා ගැනීමට නියමිත බව සඳහන් වේ.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල හඳුනා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක නායයාම් ඇතිවිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. මෙම අනතුරු ඇඟවීම් අද පෙරවරු 09 සිට පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.
ගිනිගත් නැවෙන් ධීවරයන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම නැව අයත් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (02 වැනිදා) පැවැසූහ.
ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම මේ වන විට ආරම්භ කර තිබේ.
කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පවසනවා.
41 හැවිරිදි චීන ජාතිකයෙකුට අතිශය දුර්ලභ කුරුලු උණ රෝගයක් වැළඳී තිබේ. H10N3 යනුවෙන් නම්කර ඇති මෙම උණ රෝගය මීට පෙර කිසිදු මිනිසකුට ආසදනය වී ඇතැයි ලොව කිසිදු රටකින් වාර්තාවී නොමැත. මෙම පුද්ගලයාට රෝගය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙතෙක් අනාවරණය කර නැති නමුත් මෙම වයිරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට පහසුවෙන් පැතිරෙන්නේ නැතැයි පැවැසේ. පසුගිය සතියේ මෙම ආසදිතයා වාර්තාවී ඇති අතර මේ වනවිට ඔහු සුවය ලබා රෝහලින් පිටවීමට සුදානම් බව චීන පුවත් සේවා වාර්තා කරයි. කුරුලු උණ රෝග වර්ග බොහෝමයක් ඇති අතර කුකුළු ව්‍යාපාරවල වැඩ කරන පුද්ගලයින්ට හෝ ඉඳහිට වත් මෙම රෝගය ආසාදනය වී ඇති බව මෙතෙක් වාර්තා වී නැත. බීජිං හි ජාතික සෞඛ්‍ය කොමිසම පසුගිය අඟහරුවාදා කියා සිටියේ ෂෙන්ජියැන්ග් නගරයේ පදිංචිකරුවෙකු අප්‍රේල් 28 වනදින මෙම වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවයි.
ලබන 2022 පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
අද (3) වැනිදා සහ හෙට (4 වැනිදා) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග අලෙවිය සඳහා විවෘත කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. එමෙන්ම සතොස වෙළෙඳසල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර අද (3 වැනිදා) සිට දිනපතාම වෙළෙඳසල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ස්වයං රැකියාවක් ලෙස ආහාර සකස් කරන අයට ත්‍රිරෝද රථවලින් ගොස් ආහාර අලෙවි කිරීමටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.
පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධීවර යාත්‍රාවලට ධීවර කටයුතුවලින් ඉවත් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.
ගර්භණී මවුවරුන් 200ක පමණ සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බැවින් මෙම තත්ත්වය ඉදිරියේදී තවත් වර්ධනය විය හැකි බැවින් ජංගම දුරකථන හා මාධ්‍ය මගින් කෙටි පණිවිඩයන් ලබා දෙමින් රෝගයෙන් වැළකී සිටීම සඳහා ඔවුන් නිරන්තරයෙන්ම දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇත.
පවතින සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපා සිටින බව ප්‍රදේශ කිහිපයක කිරි ගොවීන් පවසනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සිය කිරි නිෂ්පාදනයන් පවත්වාගෙන යාමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසයි.
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් කොට්ඨාස මට්ටමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
Special police teams have been deployed to raid parties and public gatherings organised in violation of quarantine rules and regulations throughout the country.
Page 415 of 744