ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
මේ වසරේ ගතවූ පළමු දින 70 තුළ වන රක්ෂිත ඇතුළු භූමි අක්කර 43,500කට විවිධ පුද්ගලයින් හානි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, ඉකුත් මාර්තු 11වනදා දක්වා කාලය තුළයි. අදාළ කාලය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නීති විරෝධි ලෙස රක්ෂිත එලි පෙහෙලි කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත්වැඩියා කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අංක 2 දරන ඒකකය අප්‍රේල් 10 වැනිදා සිට දින 21 ක් වසා දැමීමට තීරණය කර ඇත.
මාර්ගාරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සචීන් ටෙන්ඩුල්කාර ප්‍රමුඛ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ලකුණු 14කින් පරාජය කරමින්.
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි. ඒ, මුම්බායි නුවරදීයි. මෙවර තරගාවලියේ මේ වසරේ පැවති සියලු තරග ශ්‍රී ලංකාව ජයගත්තා. ශ්‍රී ලංකාව පරාජයට පත් වූ එකම තරගය වුයේ ඉකුත් වසරේ පැවති ඉන්දියාවට එරෙහි මූලික වටයේ තරගයයි.
අපරාධකරුවන් වර්ගීකරණය කර වෙන්කර කැඳවීමේ නව වැඩපිළිවෙලක් සියලුම බන්ධනාගාරවල ළඟදීම ඇරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුර තොරතුරු ලැබෙන තුරු එන්නත භාවිත නොකරන ලෙසත් මෙම එන්නත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
ගතවු පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු හදුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 191 දෙනෙකු ඊයේ රාත්‍රීයේ හඳුනා ගැනීමත් සමගයි.
මොහමඩ් සහරාන් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ කාන්තා අංශයට අයත් විසිහයදෙනකු ආගම වෙනුවෙන් මියදෙන්නට පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
යතුරුපැදියක ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත්කොට පෙට්‍රල් සුවඳ බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවකු මියගොස් ඇත.
A 15-hour water cut would be imposed in several areas in Colombo and Kaduwela today from 9.00 am to 12 midnight, the National Water Supply and Drainage Board (NWSDB)said.
තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
A special security operation will be initiated in the Mt. Lavinia and Nugegoda police divisions.
The driver of a tipper-truck has been arrested over the deadly bus accident in Passara.
The Army is to be deployed to flush out criminals and curb the crime wave in Sri Lanka.
The number of COVID-19 infected staff at the Sapugaskanda oil refinery reached 474 yesterday after close to 1,200 were subjected to PCR test over the weekend, more test results are expected today.
පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
Allowing the appeal made to the UK High Court by Major General Priyanka Fernando, the former Minister Counsellor (Defence) of the Sri Lanka High Commission against the judgement of the Westminster Magistrates’ Court on him, the High Court today quashed his conviction by the Magistrates’ Court on December 06, 2019 and acquitted him.
Page 415 of 709