Saturday, February 07, 2026
Follow Us
පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම්කල පුද්ගලයින් 06 දෙනෙකු සුරියවැව මහගල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සුරියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහිදී කැණීම් උපකරණ, පූජා භාණ්ඩ සහ සැකකරුවන් පැමිණි යතුරු පැදි 05ක්ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරියවැව සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුන් වනවා. ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

(Neth)