Saturday, February 07, 2026
Follow Us
කොරෝනා මරණ වලින් බහුතරය එන්නත ලබා නොගත් පිරිස්

මෙරට දැනට වාර්තා වී තිබෙන කොරෝනා ආසාදිත මරණ වලින් බහුතරය කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් පිරිස් බව අනාවරණය වී තිබේ.

මේ අතර 60ට වැඩි සියලුම වැඩිහිටියන් එම ප්‍රදේශයට ලැබෙන කවර හෝ කොවිඩ් මර්ධන එන්නතක් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ,

“තුන්වන කොවිඩ් රැල්ලේ අවසානයක් අපි දැක්කේ නෑ. රෝගීන් අඩුවුණා පමණයි. නමුත් පසුගිය දින කිහිපයේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. පසුගිය සති 3ක මරණ අපි දත්ත විශ්ලේෂණය කරලා බැලුවා. මියගිය බොහෝ අය එන්නත් ලබාගෙන තිබුණේ නෑ. රෝගීන්ගෙත් බැලුවාම එන්නත් ලබාගෙන නෑ. 60ට වැඩි සියලුම වැඩිහිටියන් මොන එන්නත ද කියලා හොයන්නේ නැතුව ලබාදෙන එන්නත ලබාගන්න.”

(Aruna)