වයස අවුරුදු 15ක දැරියක අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය කුමක්ද යන්න අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1262ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසනවා. ඒ සදහා පත් කළ කමිටුවට හානිය ගණනය කිරීම සදහා මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා. එහෙත් මෙවැනි සංකීර්ණ කටයුත්තක් එවැනි කාලයකින් සිදුකළ නොහැකි බවටයි එම අධිකාරියේ මතය වී තිබෙන්නේ.
මෙරට සියලුම පාසල් ගුරුවරු ගුරුවරියන්ට කොවිඩ් මර්දන එන්නත එළඹෙන සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බි්‍රස්ටල්හීදි අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.
තරග සංචාරයක් සදහා දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එලෙස පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බවයි. ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරය සදහා යොමු කර ඇති බව ඉකුත්දා මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු නායක අර්ජුන රණතුංගද ප්‍රකාශ කර තිබුණා.
හෙද සංගම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකළහොත් ජුලි 07 වනදා සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත ප්‍රදේශය අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙනවා.
සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 13ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොරෝනා මර්දන රාජකාරී සඳහාද බලපෑම් එල්ලවී තිබෙනවා. අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණේ සභාපති, උපුල් රෝහණ පැවසුවේ සාමාන්‍ය රාජකාරිවලින් සිය සාමාජිකයින් මේ වන විට ඉවත්වී ඇති බවයි.
ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1823 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මකයි. අද දිනයේ බලධාරීන්ගෙන් තමන්ට නිසි පිළිතුරක් නොලැබුණොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අතුරු වෛi සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා. මේ, එහි සභාපති උපුල් රෝහණ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ජුලි මස 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
මේ වනවිට ප්‍රබල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇතැයි නිශ්චිතව දන්නා නමුත් එය වැළඳුනේ කාටද, ආසාදිතයින් සිටින්නේ කවර ප්‍රදේශවලද යනාදිය වෙනම සෙවීම ප්‍රායෝගික නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
පරීක්ෂණ කිහිපයක් සඳහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම රෝහලේ තවදුරටත් රැදී සිටීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා.
Delta variant, the most transmissible variant poses a major threat to unvaccinated or partially vaccinated people, Dr Chandima Jeewandara, the Director at Allergy, Immunology and Cell Biology Unit of the University of Sri Jayewardenapura said.
එංගලන්ත පිල හමුවේ සංචාරක ශ්‍රී ලංකා පිල ඊයේ දින ලැබූ පරාජයත් සමග ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ රට බවට පත්ව තිබේ.
Page 387 of 731