Wednesday, September 24, 2025
Follow Us
ගුරු සටනට කලාකරුවෝත් එක් වෙති

ගුරුවරයා තිනි නොකරන්නැයි මවු පියන්ගෙන් ඉල්ලීමක්


ගුරු විදුහල්පති අරගලයට මෙරට පුරවැසියන්ගෙන් සහ දෙමව්පියන්ගේ සහය ලබාදෙන ලෙස ජනනියමු කලාකරුවෝ ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ජනනියමු කලාකරුවෝ අද නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ක්‍රියාත්මක වන ගුරු විදුහලප්ති අරගලය තීව්‍ර ස්ථානයකට පත්ව ඇති බවයි.

1997 සිට 2021 දක්වා වසර 24ක වැටුප් විෂමතා ඉතිහාසය පදනම් වු අතිශය සාධාරණය අරගලයක් ලෙස ගුරු විදුහල්පති අරගලය හැඳින්විය හැකි බැවින් මෙම අරගලයට උපරිම සහය ලබා දෙන මෙන් ශ්‍රී ලංකාවාසි පුරවැසියන්ගෙන් හා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව ජනනියමු කලාකරුවෝ ඉල්ලා සිටියි.

(Aruna)