Wednesday, September 24, 2025
Follow Us
දිගින් දිගටම වන හෙලවීම් බලන්න ස්ථාන 4කට භූකම්පන මාන

මෙරට සිදුවූ භූ කම්පන පිළිබඳව නිසියාකාර නිරීක්ෂණයක් සිදුවී නෑ


දිගින් දිගටම සිදුවන භූ චලන සම්බන්ධව පුළුල් නිරීක්ෂණය සඳහා කොළඹ සහ දිවයිනේ තවත් ස්ථාන තුනක පමණ භූ කම්පන මාන ස්ථාපිත කළ යුතු බවට භූ විද්‍යාඥයන් යෝජනා කර ඇත.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පෙරේදා (14 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මෙම සාකච්ඡාව මෙහෙය වූවේය. මහාචාර්ය එල්.ආර්.කේ.පෙරේරා, ආචාර්ය බර්නාඩ් ප්‍රේම් ඇතුළු භූ විද්‍යාඥයෝ රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

වසරකට ලෝකයේ භූ කම්පන ලක්ෂ 20ක් පමණ සිදුවන බවද මෙහිදී කියා සිටියහ. පසුගිය කාලයේ මෙරට සිදුවූ භූ කම්පන පිළිබඳව නිසියාකාර නිරීක්ෂණයක් සිදුවී නැති බව ඔවුහු අවධාරණය කළහ.

(Aruna)