Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් හැදුණු ළමයි 7500ක් ගෙවල්වල

කොවිඩ් ආසාදිත ළමුන් ගැන හෙළිදරව්වක්


ළමයින් හත්දහස් පන්සිය තිස් හතර දෙනකු (7534) කොවිඩ් ආසාදිත වී නිවෙස්වල ප්‍රතිකාර ගනිමින් සිටින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ‘අරුණ’ට ප්‍රකාශ කළාය.

මෙම ළමයින් සියලුදෙනා අවුරුදු දෙකත් පහළොවත් (2-15) අතර වයස් කාණ්ඩයේ පසුවන බව ද ඇය පැවසුවාය.

එසේම මේ වන විට ගර්භණී මවුවරු දෙසිය හතළිස් දෙදෙනකු ද (242) නිවෙස්වල කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගනු ලබන අතර ඔවුන්ගේ ගැබ් කාලය සති 24ට වඩා අඩු බවද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කරයි.

පසුගිය ජුනි මස හත්වැනිදා සිට ඊයේ (14 වැනිදා) වනතුරු ආසාදිතයන් හැත්තෑදහස් නවසිය හතළිස් නවයක් නිවෙස්වල ප්‍රතිකාර ලැබීම සඳහා ලියාපදිංචි වී ඇති අතර තවදුරටත් ආසාදිතයන් දොළොස්දහස් අටසිය හැත්තෑ නවදෙනකු නිවෙස්වල ප්‍රතිකාර ලබමින් ඇත.

(Aruna)