Wednesday, September 24, 2025
Follow Us
බෝම්බය තිබ්බේ ප්‍රභූ පුද්ගලයේකුටද ?

නාරාහේන්පිටින් හමුවූ ‘බෝම්බයෙන්’ හෙළිවූ තොරතුරු


නාරාහේන්පිට රෝහලක වැසිකිළියක් තුළ තිබී පෙරේදා (14) සොයාගත් අත්බෝම්බය තබා ඇත්තේ රෝහලෙන් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණ ඇතිව බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු අධික ලෙස ණය වී සිටින පුද්ගලයෙකු වන අතර අත්බෝම්බය තබා එහි ඔත්තුව ලබාදී ඇත්තේ ඔහු විසින් බවටයි පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මෙම බෝම්බේ තබා ඇති අතර ඔහු මීට දින දොළහකට පමණ පෙර කොළඹට පැමිණ මෙම රෝහලේ ඉදිකිරීම් සේවකයෙකු ලෙස සේවයට එක්ව තිබෙනවා.

බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යාමට සකස් කර තිබූ අතර මෙවැනි ආකාරයෙන් බෝම්බය පුපුරා යා හැකි වන ආකාරයෙන් සැලසුම් කළ හැක්කේ බෝම්බ පිළිබඳ මනා දැනුමක් තිබෙන තැනැත්තකුට පමණක් බව ද පොලිසිය සඳහන් කරනවා.

මෙම රෝහලේ ප්‍රභූ පුද්ගලයන් දෙදෙනකු ද නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

(Aruna)