Wednesday, September 24, 2025
Follow Us
ලංකා හොස්පිට්ල් නාන කාමරයකින් අත් බෝම්බයක් හමුවීම - විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට

නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලේ නාන කාමරයකින් අත් බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී තිබෙනවා. ඒ නාරාහේන්පිට පොලීසිය මගින් සිදු කරන පරීක්ෂණවලට අමතරවයි.

රෝහලේ පළමු මහලේ නාන කාමරයක් තුළින් මෙම බෝම්බය හමු වී ඇති අතර එහි ආරක්ෂිත ඇණය ගලවා, මදුරු දඟරයක් ආධාරයෙන් පුපුරවා හැරීමට සූදානම් කර තිබියදී හමුවිය.

මෙම අත් බෝම්බය රෝහල් පරිශ්‍රයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව රෝහලේ CCTV දර්ශන ආධාරයෙන් විමර්ශන සිදු කරමින් තිබෙනවා. මේ වනවිටත් රෝහල‍් සේවකයෙකු ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

(LNW)