බණ්ඩාරවෙල නායබැද්ද හරහා ලිප්ටන් සීට් දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඊයේ,(18) සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි
අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන් වන බවත් ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්" පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන අද (21) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මැනීමට පුරුදු වී ඇති බවත් , ඒ ක්‍රමය වෙනස් කිරීමට මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇති බවත් , ඒ ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බවත්, අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මීමුරේ, කරඹගොල්ල ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබේ.
කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.
බණ්ඩාරවෙල නායබැද්ද හරහා ලිප්ටන් සීට් දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඊයේ,(18) සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි
අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ
මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (ජූලි 25) අලුයම යෙදී තිබූ සුබ මෙෙහාතින් සිටුවන ලදී.
දිවයින වටා අද (19) පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ඩිජිටල තාක්ෂණය භාවිත කිරීමේදී දත්ත වල සුරක්ෂිතභාවය,පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කරන නියාමන රාමුවක් අපවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට අද (21) අවස්ථාව උදා විය.
ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ජනතාවට දැනුම් දී තිබේ.
Page 37 of 748