Sunday, February 15, 2026
Follow Us
ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක්

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිත ව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (16) පැවැත්විණි.

ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නියෝජිතයෝ ඇතුළු දූත පිරිස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර සහ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.