තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරියේ දෙවන දිනය අද (17 දා) උදෑසන 9ට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය අසල දී ආරම්භ විය. එය පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
එම අවස්ථාවට නුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි වූහ. මෙහි දී අද තරඟය ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා අතින් ඊයේ ජයග්‍රහකයින්ට ජය සංකේත ප්‍රදානය සිදු විය.
ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ එච්.ඩබ්ලිව්.එම්.එස් පින්තු (අංක 193) මහතාට ජය සංකේත ප්‍රදානය සිදු විය.
හොඳම කඳු නගින්නා සහ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ ඒ.ඩී.එස් පෙරේරා (අංක 195) මහතාට ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.
වයස අවුරුදු 23 න් පහළ හොඳම තරුණ පාපැදි ක්‍රීඩකයා ලෙස ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද ක්‍රීඩකයාට ජය සංකේත ප්‍රදානය කෙරුණි.
සිව්වන ස්ථානය දිනාගත් දෙහිවල නගර සභා කණ්ඩායමේ සුරංග රණවීර (අංක 142) ප්‍රදානය සිදු කෙරුණි.
Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරට පැමිණි අතර, අද (17දා) එහි දෙවන දිනය නුවරින් ආරම්භ වී අනුරාධපුරයට පැමිණියේය. එය හෙට (18 දා) අනුරාධපුරයෙන් කොළඹ බලා ගමන් කිරීමට නියමිත ය.
මෙම පාපැදි සවාරිය සඳහා කණ්ඩායම් 27ක පාපැදි ක්‍රීඩකයින් සම්බන්ධ වී සිටියි.
අද (17දා) අනුරාධපුරයෙන් අවසන් කෙරුණු Lanka Ride පාපැදි තරඟයේ දෙවන අදියරයේ දී ත්‍යාග 5ක් ලබාදුන්හ.
ඒ අනුව අද දිනයේ ජයග්‍රහකයින් 5 දෙනෙකුට ත්‍යාග ලබා දීම සිදු කෙරුණි.
ප්‍රථම ස්ථානය - පී.පී.එම්.ජී සිල්වා
කණ්ඩායම - නාවික හමුදා කණ්ඩායම
දෙවන ස්ථානය - සජිත් මදුරංග
කණ්ඩායම - ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය - චතුරංග සොයිසා
කණ්ඩායම - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු
සිව්වන ස්ථානය - ගිහාන් ලක්මාල්
කණ්ඩායම - ගල්කිස්ස නගර සභාව
පස්වන ස්ථානය - සඳරුවන් කුමාරසිංහ
කණ්ඩායම - පොලිස් කණ්ඩායම
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා, අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න මහතා, පළාත් භාර පොලිස් ප්‍රධානීන් ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.