Friday, January 16, 2026
Follow Us
දිනෙන් දින දියුණු වන කීරික්කුලමේ දහස්පෙතියා වගාව
අනුරාධපුරය ශ්රි ලංකාවේ ආගමික, සංචාරක කර්මාන්තය හා කෘෂිකර්මාන්තය වැනි අංශයන්ගෙන් මුලික තැනක් හිමි වන දිස්ත්රික්කයකි.
මෙහි ජීවන උපායයන් සදහා විවිධ ව්යාපෘති ක්රියාත්මක වේ. ඒ රජයේ නිලධාරින්ගේ සහය ඇතිවයි. වර්තමාන දිස්ත්රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ අධික්ෂණයෙන් ප්රාදේශිය ලේකම් කොට්ඨාස 22ක පුරාම ජනජිවිතය නගා සිටුවි‌මේ වැඩසටහන් ක්රියාත්මක වෙයි. අද අපි කතා කරන්නේ එවැනි තවත් සංවර්ධනාත්මක වැඩසටහනක් පිළිබදවයි. ඒ නැගෙනහිර නුවරගම් පළාත ප්රාදේහිය ලේකම් කොට්ඨාසයේ කීරික්කුලම ප්රදේශයේ සිදු කරන දාස්පෙතියා මල් වගාව සම්බන්ධවයි.
 
දහස්පෙතියා මල් වගාව වර්තමානයේ බොහෝ පිරිසක් සිදු කරන වාණිජ භෝගයක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව දේශිය දහස් පෙතියා සහ ඉන්දියන් හෙවත් දෙමුහුම් (Hybrid) දහස්පෙතියා ලෙස ප්රධාන වශයෙන් වර්ග දෙකක් වගා කරනු ලබන අතර මෙම ප්රභේද යටතේ එකිනෙකට වෙනස් මල් වර්ග හතක් මෙම වගාකරුවන් වගා කර තිබේ.
මෙම වගාකරුවන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ නිවෙස් ආශ්රිත පරිසරයේම එනම් කාර්ය බහුල ජනාකීර්ණ පරිසරයක වුව ද පර්චස් 10 ක් වැනි බිම් කඩක් තුළ පැළ 500 ක ප්රමාණයක් සිටුවා තිබීම ය. මෙහිදී මෙම වගාවට අමතරව වෙනත් වගාවන් ද සිදු කර තිබෙන ආකාරය ද මෙම මල් වගාකරුවන්ගේ වගාබිම්වල අපට දකින්නට ලැබුණි .
 
දහස් පෙතියා මලක් මේ දිනවල මල් කඩයක රුපියල් 20කට ආසන්න වන අතර මෙම වගාකරුවන්ගෙන් මල් වල ප්රමාණය අනුව රුපියල් පහේ සිට රුපියල් දහය දක්වා මිළකට වෙළෙන්දන් විසින් මල් මිළදී ගන්නා බව මෙම දහස්පෙතියා මල් වගාකරුවෝ අප සමඟ කියති.
 
නැගෙනහිර නුවරගම්පළාත ප්රාදේශීය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ නැගනෙහිර නුවරගම්පළාත ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආර්ථික සංවර්ධන නිළධාරිනිය මෙන්ම ප්රජා සවිබල ගැන්වීමේ නිළධාරිනියක ලෙස සේවය කරනු ලබන ජයවීර පටබැඳිගේ ප්රියංගනී මහත්මිය විසින් කාලයක සිට සිදු කරන ලද පර්යේෂණ හා ඇයගේ අප්රතිහත කැපවීම මත මෙම වන්නි තම්මැන්නාව හා කිරීක්කුලම ප්රදේශ වල පිරිස් මේ වන විට ආදර්ශ වගාවන් ලෙස දහස්පෙතියා මල් වගාව සිදුකර ඇත.ඇයට මේ සඳහා නැගෙනහිර නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුලු නිළධාරී මණ්ඩලය මනා සහයෝගයක් ලබාදෙන බව ඇය ප්රකාශ කළා ය.ඒ අනුව ඇය විසින් වාණිජ වගාවක් ලෙස මෙම දහස්පෙතියා වගාව ආරම්භ කිරීම සඳහා මේ වන විට වගාකරුවන් වෙනුවෙන් ව්යාපෘතියක් ආරම්භ කර ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ජේ.පී. ප්රියංගනී මහත්මිය ප්රකාශ කළේ, තමන් සිය රාජකාරී සිදුකරන ප්රදේශයට පැමිණි දා සිට එම ප්රදේශයේ ජනතාවට යම් අලුත් දෙයක් හදුන්වාදීමට උත්සාහ කළ බව යි. මෙහි බෝහෝ පිරිසක් ගොවිතැනින් ජීවත් වන නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වයට අදාලව ආර්ථිකය උසස් කිරිමට කටයුතු කිරිම ඇයගේ අරමුණ වී තිබේ. අනුරාධපුර පුජා නගරය තුළ දහස්පතියා මල් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙම මල් වගා කිරිමට ජනතාව පොළඹවා ඇත්තේ ඒ අනුවයි . මේ වන විට වගාකරුවන් හත් දෙනෙකු පර්චස් 10 ප්රමාණයෙන් වගා කර ඇති අතර මේ සදහා වියදම් වන්නේ ද සුළු මුදලක්. වැයවන මුදලින් 50% දායකත්වයක් රජයෙන් ද ලබා දී තිබේ. මෙම වගාකරුවන් මේ වන විට මාස දෙකකට රුපියල් හැට දහසකට වැඩි ආදායමක් ලබාගනී. දෙමුහුන් දහස්පෙතියා මල් පැළයක් මිළ දී ගැනීමට රුපියල් 70කට ආසන්න මුදලක් වැය වේ. නමුත් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් රුපියල් 50 ක මුදලකට දහස්පතියා පැළයක් මිල දී ගැනීමේ අවස්ථාව ද වගාකරුවන්ට හිමිව ඇත.
බෞද්ධ ආගමික තැන් වලට යොදා ගන්න මල් වර්ග, හින්දු ආගම අනුව කෝවිල් වල උත්සව වලට යොදා ගන්න මල් වර්ග, ඊළඟට උත්සව අවස්ථා විවාහ මංගල උත්සව අවස්ථා වලට යොදා ගන්න මල් වර්ග එකිනෙකට වෙනස්. අනුරාධපුර , කතරගම වගේ වන්දනාවේ එන පිරිස් වැඩි වශයෙන් මිළ දී ගන්නේ සුදු පැහැයට හුරු කහපාට මල්. කොළඹ, ගම්පහ, කන්ද උඩරට , වගේ කෝවිල් සහිත කළාප වල අය වගා කරන්න ඕන වැඩි තද තැඹිලි පාට හුරුවක් තියෙන මල් වර්ගයි.ඉතින මේවාත් තේරුම් අරගෙන වගා වගා කලොත් දහස්පෙතියා වගාව තවත් සාර්ථකයි.ඉදිරියේ දී මල් අස්වැන්න වැඩිවෙනකොට ඉන්දියාවෙන් ගෙන්වන දහස් පෙතියා මල් ප්රමාණයට වඩා ප්රමාණයක් අපිට ඉන්දියාවටම යවන්න පුළුවන් වෙන බව මල් වගා කරුවන්ගේ අදහස යි. එසේම කෘමි හානි අඩු විම, හොද වෙළද පොළක් තිබිම, නඩත්තුව පහසුවිම, හොද අස්වැන්න තිබිම නිසා මෙම ව්යාපාරය නුදුරේදිම මහා පරිමාණයෙන් වානිජ වගාවක් වශයෙන් සිදු කිරිම ද වගාකරුවන්ගේ අදහස යි.
තුරුවිල ප්රදේශයේ ඉන්දික ප්රියදර්ශන මහතා දාස්පෙතියා වගාන් පිළිබදව වගාකරුවන් දැනුවත් කරයි. ඉදිරියේ දී මේ වගාවට යොමු වීමට කැමැත්තක් දක්වන අය සිටී නම් එයට සහය දැක්වීමට ද එතුමා අපේක්ෂා කරයි. බීජ ලබාගැනීම සදහා දහස්පතියා වගාකිරිම ද ප්රියදර්ශන මහතා විසින් සිදුකරමින් සිටී.
අද වන විට කීරීක්කුලම හා ඒ අවට ජනතාව මෙම වගාව සඳහා යොමු වී තිබීම තුළම ඉදිරියේ දී පුදබිම් වෙත යන ජනතාවට ඉතා පහසුවෙන් මල් මිළ දී ගැනීමටත් ඒ වගේම ඒ අවට නිකරුණේ කාලය ගත කළ කාන්තාවන්ට අතමිට සරු කර ගැනීමට ද හැකි වී ඇත. මේ ලක් මාතාවගේ මහපොළවේ පින්සාර මහිමය විදහා දක්වමින් සරුසාර මල් අස්වනු රැසක් නුදුරේ දී ම නෙලනු දැකීමට අපට හැකිවනු ඇත.
එසේම රාජ්ය සේවය ද බොහෝමක් දෙනා ජනතාවගේ පැත්තේ සිටගෙන ඹවුන්ගේ යහපත උදෙසා කටයුතු කරන බවට ද මෙය හොද උදාහරණයක්. එසේ හෙයින් දිස්ත්රික්කයේ ආර්ථිකය සේම ජන ජිවිතය නගා සිටුවිම වෙනුවෙන් මේ ගන්නා උත්සාහයට ප්රාදේශිය ලේකම් තුමා ඇතුලු සියළු නිලධාරින්ට ස්තුති පුර්වක විය යුතුම යි.