හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණි.
අධ්‍යාපන අමාත්‍යංශය රටේ පවතින ප්‍රධාන ආගම් නියෝජනය වන පරිදි උපදේශක කමිටු පත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව බෞද්ධ උපදේශක මණ්ඩලයට අදාල පත් කිරීම මීට පෙර සිදු කළ අතර නව කතෝලික උපදේශක මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.
අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් හදිසි බිඳ වැටීමට ලක්වූ විදුලි බල සැපයුම් සම්බන්ධව දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.
වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය මෙවර 2025 මැයි 31ක දිනට යෙදී ඇත. ජූනි 05 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව මෙම දිනය සමරනු ලැබේ.
අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද කොළඹ නිදහස් චත්‍රරග්‍රයේදී සිදු කෙරේ.
දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය අද (30) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා - ජනපති
තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය.
නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
සිනමාව වැනි ඉසියුම් කලා මාධ්‍යයකට දායකවීමේ දී තමන් ඒ වෙනුවෙන් කෙතරම් කැපවිය යුතුද යන්න තම භාවිතයෙන්ම පසක් කළ ඇය, දේශීය සිනමාවේ හෙට දවස පෝෂණය කරන්නට පෙර මං බලා සිටින මතු පරපුර වෙනුවෙන් පාර කියන තාරකාවක් ද වන බව අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සඳහන් කරයි.
Page 36 of 738