ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේදී අද (23) සාකච්ඡා කළ බව කම්කරු අමාත්‍යංශය පවසයි.
කලාපයේ රටවල් අතර ළමා ශ්‍රමය අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ.
පසුගිය වසරේ දී ළමා ශ්‍රමය තුරන් කිරීමට අදාළව කම්කරු දෙපාර්තමේන්තුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි.තුෂාරි මහත්මිය මෙම කම්ටුවට ඉදිරිපත් කර ඇත.
එසේම කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.එම්.කේ.නවරත්න මහතා ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය පිළිබඳ දළ විශ්ලේෂණයක් ද මෙම කමිටුවට ඉදිරිපත් කර තිබේ.
මෙම කම්ටුව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.