රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් සංචාරක සන්ධිස්ථානයක් වන ඇල්ල දෙමෝදර පිහිටි සුප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම, දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව ක්‍රියාත්මක කරන ලද උරුම ස්මාරක ආලෝකකරණ ව්‍යාපෘතියක් යටතේ ආලෝකමත් කර ඇත.
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව ප්රධාන තැපැල් කාර්යාලය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරිණි.
වන අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමේ අරමුණෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද(15) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණ.
ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම නිසි පරීක්ෂණ සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන 8.55ට පමණ මියගොස් තිබේ.
රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර ගැටලු කඩිනමින් හඳුනාගෙන, ඒවා නිරාකරණය කිරීම සඳහා අදාළ සියලු ආයතන හා ප්‍රාදේශීය බලධාරීන් සම්බන්ධ කර ගනිමින් කටයුතු කිරීමට පියවර ගන්න බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් “සිරසර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනය” බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී ඊයේ (15) ආරම්භ කෙරිණි.
පරිවාසගතව සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීම සහ ‘’අර්ථ’ නමින් නව බැංකු ගිණුම් විවෘත කිරීමේ වැඩසටහන හෙට (15) ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක් පිරිනැමීමට අදාල නිපුණතාව පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද දිවයිනේ සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලදී සිදු කෙරිණි.
පොල් වගාවට හානි කරන සුදු මැස්සා, කළු කුරුමිණියා, රතු කුරුමිණියා, මයිටා ඇතුළු පළිබෝධ උවදුරු මර්දනය කිරීම හා පොල් වගාවට අදාල තාක්ෂණික දැනුම වගාකරුවන් වෙත ලබාදීම සඳහා "පොල් දෙසතිය" නමින් විශේෂ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබේ.
වනඅලි ගම්වැදීම හේතුවෙන් වනඅලීන්ට සහ ගම්වාසීන්ට මෙන් ම වගාවන්ට හානි සිදුවීමේ ප්‍රධාන බලපෑමක් වී ඇත්තේ වනඅලීන්ගේ ස්වභාවික සංචරණ සීමාවන් හරහා පවතින වගාබිම් සහ අනවසර ඉඩම් අතපත්කරගැනීම් වේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (International Manpower Development Organization - IM Japan) අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
Page 38 of 748