Monday, November 10, 2025
Follow Us
Social and Equity

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් 03 ක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම ක්ෂේත්‍රයේ ද දායකත්වයෙන් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8500 ක ආදායම් ඉපයීමේ ඉලක්කයක් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Social and Equity

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබ වන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Social and Equity

අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ එනම් ක්ෂුද්‍රජීවී නාශක භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Social and Equity

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම කොළනිය, කුඩා කැකිරාව, කසාගල පුරාණ රජමහා විහාර භූමිය, ඉහළ පුලියන්කුලම සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හපදියාගම හා තිලකපුර යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 11 වැනි දින සිදු කෙරිණි.

Social and Equity

පුද්ගල අභ්‍යන්තරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුල පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Social and Equity

රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Social and Equity

නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකෘතීන්හි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නැවත අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන්‍ කරයි.

Social and Equity

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Social and Equity

පසුගිය කාලයේ පැවති වර්ෂාව සහ ගංවතුර බැසයාම හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩිවිය හැකි බවත්, එම නිසා ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කරන බවත් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

Social and Equity

රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්වේ.

Social and Equity

වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත.

Social and Equity

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි.

Social and Equity

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Social and Equity

අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්‍ය මඬුල්ල මනම්පිටිය- අරලගංවිල (B – 502 ) මාර්ගයේ 19/1 හානි වූ පාළම වෙනුවට යෝජනා වූ තාවකාලික යකඩ පාළම ඉදි කිරීම ඊයේ රාත්‍රී අවසන් කර තිබෙනවා.

Social and Equity

රජය විසින් නියම කරන ලද පාලන මිලට වෙළෙදුන් විසින් විසින් සහල් අලෙවි කරන්නේ ද යන්න පිලිබඳව සොයා බැලිම සදහා අද (10) දින පාරිභෝගික සේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් බදුල්ල නගරයේ හදිසි වැටලීමක් සිදුකර තිබේ.

Social and Equity

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

Social and Equity

11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ තරුශිකා සේනාරත්න වයස 21න් පහළ ක්‍රිලෝ ග්‍රෑම් 50 බර පංතිය තරග අංශයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.