තහනම් පිරමීඩ යෝජනා ක්‍රම මැඩපැවැත්විම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධිත ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය (Sri Lanka Gamma Center) මගින් සංවිධානය කරනු ලබන “වෛද්‍ය හා ආහාර නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය භාවිතා කිරීම “ පිළිබඳ ජාතික වැඩමුළුව 2025 ජූලි මස 15 වන දින පෙ.ව. 9.00 බියගම ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම මැඩපැවැත්විම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri LAnka රාජ්‍ය වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
The Commander of the Navy, Vice Admiral Kanchana Banagoda paid a formal visit to the Air Force Headquarters today (09 Jul 25) and met with the Commander of the Air Force, Air Marshal Bandu Edirisinghe.
හදිසි අනතුරු හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය වෙත යොමු කරන රෝගීන්ගෙන් වාර්ෂිකව 2500-3000 ක් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව ජාතික අනතුරු නිවාරණ සතියේ අද (07)පැවැති ආරම්භක සැසියේ දී අනාවරණය විය.
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (7) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙරට භාවිත වන භාෂාවල වැදගත්කම දරුවන්ට දැනෙන හා භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද 2026 වසරේ සිට අරඹන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ඇතුළත්ව ඇතැයි අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
මඩකලපුව ශික්ෂණ රෝහලේ සහ පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන නිසි අයුරින්, කඩිනමින් ක්‍රමවත්ව එම සංවර්ධන කටයුතුවලට යෙදවීම පිළිබඳවත්, රෝහල්වලට වර්තමානයේ පවතින මානව හා භෞතික ගැටලු විමසමින් ඒවාට විසඳුම් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා එම රෝහල්වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.
Page 39 of 748