Thursday, March 26, 2026
Follow Us
ඇල්ල වෙළඳ සංගමය හා ත්රී රෝද රථ සංගමය එක්ව ඊයේ (25) නත්තල් දිනයේදී සංචාරකයින්ට අලුත් අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබුණා.
ත්රී රෝද රථ අලංකාර ලෙස සරසාගෙන, විදේශීය සංචාරකයින් ඒ තුළ නංවාගෙන රාවණා ඇල්ල දියලුම ඇල්ල සහ හපුතලේ, බණ්ඩාරවෙල සංචාරක ස්ථාන නැරඹීමට නොමිලයේ ප්රවාහනය කිරීමද විශේෂත්වයක් වුණා. ඔවුන් විසින් සංචාරකයින් සඳහා නොමිලයේ ආහාරපානද ලබාදීමට කටයුතු කර තිබුණා.