“දිට්වා“ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ගොවීන් සඳහා මේ දක්වා සහන රැසක් ලබා දී ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ඒ් අනුව ,
1. 2025.12.31 දින වන විට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ආපදාවට පත්වූ වගා හෙක්ටයාර් 50000 ක් සඳහා රු.මි.7000 කට ආසන්න මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට බැරකර කර ඇති අතර ඒ අනුව පූර්ණ හානි සිදුවී ඇති ගොවීන් සඳහා වන්දි ගෙවීම් බොහෝදුරට අවසන් කර ඇත.
2. ගොවි විශ්රාම වැටුප් හා ධීවර විශ්රාම වැටුප් ලාභීන් සඳහා විශ්රාම වැටුප් තැපැල්/උප තැපැල් කාර්යාල වලින් ලබා ගැනීම සෑම මසකම 9 සිට 15 දක්වා සිදුකිරීම සාමාන්ය ක්රියාවලිය වන අතර “දිට්වා“ සුළි කුණාටු තත්වය යටතේ ආපදාවට ලක්වූ ගොවි හා ධීවර මහත්ම මහත්මීන්ට පවතින අපහසුතාවයන් සළකා 2025 දෙසැම්බර් මස විශ්රාම වැටුප් ලබා ගැනීමේ කාලය 2026.01.31 දක්වා දීර්ඝ කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.
3. වර්තමානයේ ස්වභාවික විපත් අනපේක්ෂිත ලෙස ඉහළ යාම මත ඒ තුළින් සිදුවන වගා හානි අවධානම ද දිගින් දිගටම වැඩිවීම මත ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස අධීක්ෂණය කර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා රක්ෂණ හා පශු රක්ෂණ ක්රියාවලිය 2026 වර්ෂයේදී තවදුරටත් ශක්තිමත් කර වැඩි ගොවීන් සංඛ්යාවක් දායක කරගැනීමට සැලසුම් කර ඇත.
ඒ අනුව බෝග වගාවේ යෙදෙන ගොවීන් තම බෝග වගාවන් සඳහා මෙන්ම සත්ව පාලනයේ යෙදෙන ගොවීන් තම කිරි ගවයින්, එළුවන් වැනි සතුන් සඳහා ක්රියාත්මක වන රක්ෂණ ක්රියාවලිය යටතේ රක්ෂණාවරණයන් ලබාගෙන අවධානම කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.