Monday, December 29, 2025
Follow Us
සේවක අර්ථසාධක අරමුදල ඩිජිටල්කරණයේ නව පියවරක් තබයි

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ‘ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඩිජිටල් රාජ්‍යකරණයක් සඳහා නවමු පියවරක් තැබීමට සේවක අර්ථසාධක අරමුදල ඊයේ (29) පියවර ගැනිණි.

ඒ  අනුව සේවක අර්ථ සාධක  අරමුදලේ සේවාවන් රැසක් ඩිජිටල්කරණයට ලක් කරන  ‘ඩිජිටල් EPF මෘදුකාංගය’ හඳුන්වා දෙන  ලදි.

මෙම වැඩසටහන කොළඹ කම්කරු මහලේකම් කාර්‍යාලයේදීය පැවැත්වුණු අතර කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ කම්කරු නියෝජය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද එක්ව සිටියහ.

මෙම නව මෘදුකාංගය හඳුන්වා දීමත් සමග කම්කරු කාර්‍යාලවලට නොපැමිණ සේවායෝජකයන්ට මෙන්ම සේවකයන්ට  සේවාවන් රැසක් මාර්ගගතව සිදු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති.බවද සදහන් කර ඇත.

එම සේවාවන් අතර නව සමාගම් ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අලුත් කිරීම, සේවකයන්ට විවිධ පෝරම බාර දීම, ඡායාරූප ලබා දීම , බී-කාඩ්පත් ලබා දීම, ආයතනයකින් තවත් ආයතනයකට මාරු වීමේදී සිදු වන ක්‍රියා පටිපාටිය ආදී සේවාවන් රැසක් සේවායෝජකයන්ට සහ සේවකයන්ට සිය කාර්‍යාල තුලදීම අදාළ සේවාවන් මාර්ගගතව ලබා ගැනීමට හැකියාව පවතින බව මෙහිදි සදහන් විය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද  ආදී මහත්ම මහත්මීන් සමග ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් කිහිපදෙනෙකුද එක්ව සිටියහ.