Wednesday, March 04, 2026
Follow Us
දිට්වා කුණාටුව හේතුවෙන් හානියට පත් මහනුවර - බදුල්ල රජ මාවතේ බෙලිඋල් ඔය පාලමේ සවිකල බේලි පාලම, ඉන්දිය මහ කොමසාරිස් සන්තොස් ජා මහතා සහ ප්රවාහන මහා මාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන , අධ්යාපන උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනවිරතන යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඊයේ(10) ජනතා අයිතියට පත්කිරීම සිදු විය.

 

දිට්වා ආපදා හේතුවෙන් විනාශ වූ රට ගොඩනැගිම සදහා ඉන්දියානු රජය සහ ජනතාව ලබාදුන් ආධාර උපකාර යටතේ "සාගර් බන්දු"මෙහෙයුම යටතේ මෙම තාවකාලික බේලි පාලම සවිකර තිබේ. ඉන්දිය යුධ හමුදා ඉංජිනේරු බලකාය මගින් මෙම පාලම ඉතා කෙටි කාලයක් තුල ඉදිකර ඇති අතර මසකට ආසන්න කාලයක් පාලම නොමැති විමෙන් අවට ගම්මාන වල ජනතාවට පැවැති බාධා මේ මගින් ඉවත් විය.
මෙයට සමගාමිව රජ මාවතේ විනාශ වි ඇති කොහොඹගාන පාලම ට ද ඉන්දියානු ආධාර යටතේ බේලි පාලමක් සවිකිරීම ට කටයුතු සිදු කරමින් පවති. ඒම පාලම සවිකිරීමත් සමග ගමනාගමනයට රජ මාවත සම්පුර්ණයෙන් විවෘත වනු ඇත.
මෙහිදී අදහස් දැක්වු ඉන්දිය මහ කොමසාරිස් සන්තොස් ජා මහතා සඳහන් කළේ ආපදා හේතුවෙන් විපතට පත් ජනතාව ට මෙන්ම විනාශවු මහා මාර්ග, දුම්රිය මාර්ග සහ පාළම් ගොඩනැගිම ඇතුළු කටයුතු සදහා ඉංදිය රජයේ සහ ජනතාවගේ සහය තවදුරටත් ලබා දෙන බවයි.