Sunday, January 11, 2026
Follow Us
අන්තර්ජාල කුලී රථ සේවාවන් වහාම නියාමනය කරන ලෙස ඉල්ලා නුවරඑළියේ විරෝධතාවක්
අන්තර්ජාල කුලී රථ සේවාවන් වහාම නියාමනය කරන ලෙසත්, දේශීය සහ විදේශීය මගීන් සඳහා වෙනම සේවා ක්රමවේදයක් හඳුන්වා දෙන ලෙසත් ඉල්ලා පසුගියදා (09) නුවරඑළිය දි විරෝධතාවක් පැවැත්විණි.
 
අන්තර්ජාල කුලී රථ සේවාවලට මෙහිදී විරෝධය පළ අතර නුවරඑළිය සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමය සහ කුලී රථ සමිති එක්ව මෙය සංවිධානය කර තිබුණි.
 
​මෙම යෙදවුම් හරහා ධාවනය වන රියදුරන්ට සංචාරක ක්ෂේත්රය පිළිබඳ පුහුණුවක් හෝ 2005 අංක 38 දරන සංචාරක පනත යටතේ නිසි ලියාපදිංචියක් නොමැති බව විරෝධතාකරුවෝ මෙහිදී පෙන්වා දුන් අතර මේ හේතුවෙන් විදේශීය සංචාරකයන් අපහසුතාවට පත්වන අතර වෘත්තීය රියදුරන්ගේ ආදායමටද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද ඔවුහු පැවසූහ.
 
​මෙම සේවාවන් වහාම නියාමනය කරන ලෙසත් දේශීය සහ විදේශීය මගීන් සඳහා වෙනම සේවා ක්රමවේදයක් හඳුන්වා දෙන ලෙසිත් විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා
සිටියේය.