2023 වර්ෂයේ කබරගල වත්ත නාය යාමෙන් අවතැන් වූ පවුල් 50 ක් වෙනුවෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකෙරෙන කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා, එක් වෙමින් කියා සිටියේ, දිට්වා ආපදා සමයේ මෙන්ම අධික වර්ෂා සහිත කාලගුණ තත්ව යටතේදී පවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පීඩාවටපත් පුද්ගලයින්හට ඉහළ ප්‍රමිතියෙන් යුතුව එක් නිවසක් වෙනුවෙන් මිලියන 3.2 ක්වූ මුදලක් වැය කරමින් ඉදිකිරීම් කළ බවයි. ඉදිකිරීම් බාරව කටයුතු කරන කර්නල් සුසන්ත පෙරේරා මහතා ඇතුළු කණ්ඩායම විසින් දැඩි කැපවීමෙන් යුතුව ගොඩනගනු ලබන මෙම නිවාස 50 වෙනුවෙන් අවශ්‍ය අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරිම හා භූමිය සංරක්ෂණය කිරිම සිදු කිරීමෙන් අනතුරුව, අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයක් මේ වසර මැද වන විට ප්‍රතිලාභීන් වෙනුවෙන් ලබා දිය හැකි බව වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම නිරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන), ප්‍රධාන ඉංජිනේරු හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.