පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 27,890 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 743 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලැබ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව එළැඹෙන දෙසැම්බර් 18වනදා සහ ජනවාරි 20වනදා යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (22) දින නියම කර තිබෙන බව වාර්තා වෙයි.
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (25) පස්වරුවේ පැවති මීටර 4×100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
IV BFA කාන්තා බේස්බෝල් ආසියානු කුසලාන තරඟාවලිය ඔක්තොම්බර් 26 සිට නොවැම්බර් 02 දක්වා චීනයේ හන්ග් ජොව් හි දී පැවැත්වීමට නියමිතය.
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ.
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාජ පනත් කෙටුම්පත පිළිබඳ ව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් පසුගිය (17) වනදා පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලදී, ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335කි.
දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT)) ඊයේ(22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.
වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඊයේ (19) සිදු කළ වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම කොට්ඨාස වැටලීම් ඒකකය නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ඩිපෝව අසලදී කැබ් රථයකින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ මත් කරල් 359,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත වාර්තා කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
Page 25 of 748